හිටපු පාකිස්තානය සුපිරි පිතිකරු හා නායකයෙකු වන යුනිස් ඛාන් පාකිස්තානය කණ්ඩායමේ පිතිකරණ උපදේශක තනතුර සදහා පත්කොට ඇති බව පාකිස්තාන කණ්ඩායමේ කළමනාකරු වසීම් ඛාන් ප්‍රකාශ කර සිටී.

මෙම පත්වීම එළබෙන අගෝස්තු – සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සදහා වන අතර ඉන් අනතුරුව සේවය ලබා ගැනීම පසුව තීරණය කරන බවට තවදුරටත් එම නිවේදනයේ සදහන්ය.
යුනිස් ඛාන් සමගින් පාකිස්තාන දගපන්දු යැවීමේ අංශය භාර පුහුණුකරු ලෙස මුෂ්ටාක් අහමඩ් ද එළඹෙන එංගලන්ත සංචාරය ඉලක්ක කොටගෙන පාකිස්තාන පුහුණු කාර්ය මණ්ඩලය වෙත කැදවා ඇත.

යුනිස් ඛාන් එංගලන්තය තුළදී ටෙස්ට් තරග 09ක් ක්‍රීඩාකොට ලකුණු 810ක් ලබාගෙන ඇති අතර එයට ශතක 02ක් හා අර්ධ ශතක 03ක් ඇතුළත් වේ.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් යුනිස් ඛාන් පවසා ඇත්තේ ” මගේ රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් ලැබීම තරම් ගෞරවයක් මට තවත් ලැබීමට නෑ.මෙම අවස්ථාව ලබාදුන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මගේ ස්තූතිය හිමිවනවා ” ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here