හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක හා 1996 වසරේ ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකුවූ අසංක ගුරුසිංහ මහතා හට නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හා එරට High Performance Center හි කළමනාකාර ධූරය පිරිනමා තිබෙනවා.

දෙසැම්බර් මස පළමුවනදා සිට ඔහු එම ධූරයේ ක්‍රියා කිරීමට නියමිත එතුමා ක්‍රීඩක උපදේශකවරයෙකු වශයෙන් ද ක්‍රියා කිරීමට නියමිත බව නයිජීරියානු ක්‍රිකට් නිළ ට්විටර් ගිණුම සදහන් කොට තිබෙනවා.

54 වියෙහි පසුවන අසංක ගුරුසිංහ මහතා වසර 11 ක් පුරාවටම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේදී නියෝජනය කළ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 147 කට හා ටෙස්ට් තරග 41 ක් වෙනුවෙන් දායකත්වය ලබාදී තිබෙනවා. අදියර 03 පුහුණු පාඨමාලාව අවසන් කළ පුහුණුකරුවෙකු වන අසංක ගුරුසිංහ මහත්මා 2017 වසරේදී සිට වසර කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණකාරීත්වයට හා High Performance Center හි කළමණාකරු ලෙස කටයුතු කරනු ලැබුවා.

( via Getty Images)

නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායම 2019 වසරේදී එක්සත් අරාබි එමිර් එමීර් රාජ්‍යයේහි පැවැති 20 – 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටය නියෝජනය කළ කණ්ඩායම් දාහතර එකක් වන අතර නයිජීරියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පසුගියදා අවසන්වූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here