විස්ඩන් සගරාව විසින් 2000 වසරේ ජනවාරි මස පළවනදා සිට 2009 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා අන්තර්ජාතික ටෙස්ට් පිහිටියේ ක්‍රීඩකයන් දක්වන ලද දක්ෂතාවයන් අනුව විස්ඩන් 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායම නමින් කණ්ඩායමක් නම්කොට ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් හට ඉඩක් අහිමිව තිබීමය. ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් අවසන් ක්‍රීඩකයන් එකොලොස්දෙනා අතරට ඇතුළත්ව ඇත. විස්ඩන් සඟරාව නම් කළ කණ්ඩායමේ නායකත්වය ග්‍රැහැම් ස්මිත් හට හිමිව තිබේ .

  1. ග්‍රැහැම් ස්මිත් ( නායක) – තරග 79 ලකුණු 6451 පිතිකරණ සාමාන්‍ය 49.62 ශතක 18
  2. විරේන්ද්‍ර සේවාග් – තරග 72 ලකුණු 6248 පිතිකරන සාමාන්‍ය 52.50 ශතක 17
  3. රාහුල් ඩ්‍රාවිඩ් – තරග 103 ලකුණු 8558 පිතිකරණ සාමාන්‍ය 54.85
  4. රිකී පොංටින් – තරග 107 ලකුණු 9458 පිතිකරණ සාමාන්‍ය 58.38 ශතක 32
  5. ජැක් කලීස් – තරග 101 ලකුණු 8630 පිතිකරණ සාමාන්‍ය 58.70 ශතක 27 කඩුලු 205
  6. කුමාර් සංගක්කාර – තරග 88 ලකුණු 7549 පිතිකරණ සාමාන්‍ය 55.10 ශතක 21
  7. ඇඩම් ගිල්ක්‍රිස්ට් ( කඩුලු රකින්නා ) – තරග 91 ලකුණු 5130 පිතිකරණ සාමාන්‍ය 46.63 ශතක 16 උඩපන්දු 362 ස්ටම්ප් කිරීම් 35
  8. ශේන් වෝන් – තරග 65 කඩුලු 357 කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 25.17
  9. ශොයිබ් අක්තාර් – තරග 33 කඩුලු 144 කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.21
  10. මුත්තයියා මුරලිදරන් – තරග 84 කඩුලු 565 කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.97 ඉනීමක කඩුලු 5 බැගින් අවස්ථාවන් 49 තරගයක කඩුලු 10ක් ලබා ගැනීමේ අවස්ථාවන් 20
  11. ග්ලේන් මැග්‍රාත් – තරග 66 කඩුලු 297 කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.53

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here