ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහා එළඹෙන මස 08 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අදාලව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ තරග ද්විත්වයම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Dinesh Chandimal (2nd L) of Sri Lanka shakes hands with Kraigg Brathwaite of West Indies (L) as Jermaine Blackwood (3rd R), Joshua de Silva (2nd R) and Hayden Walsh Jr. (R) of West Indies watch at the end of the 5th and final day of the 2nd Test between West Indies and Sri Lanka at Vivian Richards Cricket Stadium in North Sound, Antigua and Barbuda, on April 2, 2021. (Photo by Randy Brooks / AFP) (Photo by RANDY BROOKS/AFP via Getty Images)

තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 21 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් මස 29 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය අවසානයේ දෙසැම්බර් මස 4 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. තරගාවලිය ආරම්භ වීමට පෙර නොවැම්බර් මස 14 වනදා සිව්දින පුහුණු තරගයකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමට නියමිත බව වැඩිදුරටත් සදහන්.
ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නම් කර තිබෙන අතර ඔවුන් මේ දිනවල දින තුනෙහි පුහුණු තරග ක්‍රීඩා කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here