ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ජූලි මස 20 , 22 හා 24 යන දිනයන් වලදී පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග දිවා – රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙනු ඇති. මෙම තරගාවලිය ICC Super League ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන තරගාවලියක් බැවින් දෙපිළටම තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකාව සමගින් පැවති තරගාවලිය ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයන් මෙම තරගාවලියට නම් කළ සංචිතයේද ඉඩක් හිමිකර ගෙන සිටින අතර කලකට පසුව ශිම්රෝන් හෙට්මයර් , රොස්ටන් චේස් හා ශෙල්ඩන් කොට්ට්‍රල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සංචිතය සදහා කැදවා තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි කිරන් පොලාර්ඩ් හට හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here