සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින හා 20 – 20 තරගාවලිය සදහා සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද දින ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 20 – 20 තරගාවලිය සදහා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සදහා කැදවා ඇති අතර එම ක්‍රීඩකයන් අතරට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද සිටින අතර වසර ගණනාවකට පසුව 39 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ෆිදෙල් එඩ්වර්ඩ්ස්ද බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සදහා එක්කොට තිබෙනවා. එක්දින හා 20 – 20 කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය සුපුරුදු පරිදි කිරන් පොලාර්ඩ් විසින් දරණ අතර 20 – 20 කණ්ඩායමේ උප නායකත්වය නිකලස් පූරන් හටත් එක්දින කණ්ඩායමේ උපනායකයා ලෙසට ශායි හෝප්ද නම්කොට තිබෙනවා.


තරගාවලියේ පළමු තරගය එළඹෙන මස 03 වනදා ආරම්භ වන්නේ 20 – 20 තරගයක් ලෙසට වන අතර 20 – 20 තරග 03 අවසානයේදි එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here