එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන හා අවසන් 20 – 20 ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රී 10.30 ට සවුත්හැම්ප්ටන්හීදී පැවැත්වීමට නියමිතය. මේ වනවිට 20 – 20 තරගාවලිය 2 – 0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කොට ඇති අතර අද තරගයේ ජය පරාජය තරගාවලියේ ජයග්‍රහණය සදහා කිසිදු බලපෑමක් නොමැත.

මේ වනවිට 20 – 20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු සටහනේ එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 273 බැගින් හිමිකර ගෙන සිටින අතර අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම 20 – 20 ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයට පත්වීමට නියමිතය. කෙසේ වෙතත් එංගලන්තය කණ්ඩායමේ ආරම්භක පිතිකරු හා කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් අද තරගය ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට සෑම් බිලින්ස් කණ්ඩායමට එක්වීමට නියමිත බව සදහන් ය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමද එක්දින තරගාවලිය ආරම්භයට ප්‍රථම ජෝෂ් හේසල්වුඩ් හට එක් 20-20 තරගයක් ලබාදීමට ඉඩකඩක් ඇති නමුත් ඒ පිළිබඳව ඔවුන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකොට නැත. තරගය රාත්‍රී 10:30 සිට ටෙන් ක්‍රිකට් හා සෝනි ස්කිස් ඔස්සේ සජීවිව නැරඹීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here