එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩකයන් රැසක් බංග්ලාදේශය බලා පිටත්ව යෑම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත් වන අතර ටෙස්ට් තරග ද්විත්වය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට අදාල වන අතර එක්දින තරගාවලිය 2023 ලෝක කුසලානය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පාර කියනු ICC Super League තරගාවලියට අයත් වෙනවා.

එම ක්‍රීඩකයන් අතරට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක ජේසන් හෝල්ඩර් මෙන්ම සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඩ්ගේද නම් ඇතුළත් වනවා. මීට අමතර ශෙම්රෝන් හෙට්මයර් , නිකලස් පූරන් , ශායි හෝප් , රොස්ටන් චේස් , ශෙල්ඩන් කෝට්‍රල් , එවින් ලෙවිස් , ෆේබියන් ඇලන් , ශේන් ඩවුරිච් හා ශෙමාර් බෲක්ස් ඇතුළත් වෙනවා.
බංග්ලාදේශය තුළ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයන් මෙලෙස බංගලාදේශ තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීමට මෙම ක්‍රීඩකයන් තීරණය කොට තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තේරීම් නීති රීතීන්ට අනුව විදෙස් රටක යම්කිසි තරගාවලියක් පැවැත්වෙන අවස්ථාවකදී එරට තුළ යම් අවධානම් තත්වයක් ඇති බවට ක්‍රීඩකයන් තුළ සාධාරණ සැකයක් ඇතිවන්නේ නම් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමේ සම්පූර්ණ අයිතිය හිමිවෙන අතර එම ක්‍රීඩකයන් ඉදිරි තරගාවලීන් සදහා තෝරා ගැනීමේදී එය කිසිදු ගැටලුවක් වන්නේද නෑ.
මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ක්‍රේග් බ්‍රත්වේට් හටත් ඔහුගේ උපනායකයා ලෙස ජෙරමියන් බ්ලැක්වුඩ් කටයුතු කිරීමටත් නියමිතයයි. එසේම එක්දින කණ්ඩායමේ නායකත්වය ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ කණ්ඩායමේ හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජේසන් මහමුද් හට පිරිනමා තිබෙනවා. ඔහුගේ උපනායකයා ලෙස සුනිල් ඇම්බ්‍රිස් කටයුතු කරනු ඇතියි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here