ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු එක්දින තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා. දෙවන තරගය හෙට සවස 3:00 ට මෙරට වේලාවින් පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඊයේ තරගය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන පුහුණුකරු අනූෂ සමරනායක මහතා සදහන් කර සිටියේ ලකුණු 262 ක් මෙම තණතීරුවේ ලබාගෙන ජයග්‍රහණය කළ නොහැකි බවයි.

මම දකින එක දෙයක් තමයි ලකුණු 262 ක් මේ වගේ විකට් එකක ගහලා මැච් එකක් දිනන්න අමාරුයි කියන එක. ඊලග දෙය තමයි මේ විකට් එක ස්ලෝ විකට් එකක්. මේ විකට් එකේ පේස් එක දෙන්න දෙන්න බැට්ස්මන්ලා ලේසියෙන් ලකුණු ගහනවා. ඒකට නම් බෝලේ වේරි කරන්න ඕනී. බැට්ස්මන්ලගේ රිදම් එක කඩන්න ඕනී. පන්දු යවනන්ගේ අත්දැකීම් මදිකම මම දැක්කා. පළවෙනි පන්දුවාර 6 ඉවර වෙනකොට ලකුණු 57 ක් ද කොහෙද ඒ අය ගහලා තිබ්බා. ෆියර්ලස් ක්‍රිකට් ගහනවට වඩා ඒ ගොල්ලන්ට ලේසියෙන් ලකුණු ගහන තැන් වලට බෝල දැම්මා. දුෂ්මන්තට එංගලන්තයේදී ලෙන්ත් එකෙන් බෝල් කරලා බේරෙන්න පුළුවන් වුණාට ආසියාවේදී ඒක කරන්න අමාරුයි. අපි අධ්‍යනය කරන්න ඕනී විකට්ටුව දවාගන්න පන්දු යවනවද කියලා පිතිකරුවා කඩුල්ල පැමිණි විගස කියලා . මේ අත්දැකීම් ලබාගන්න තව කොච්චර කාලයක් යනවද නැත්නම් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමගින් සංකලනයක් කරලා මේකෙන් ගොඩයනවද කියලා කල්පනා කරන්න ඕනී. ඒ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් පැමිණියහොත් අපට තරග දිනන්න එච්චර අමාරු වෙන්නේ නෑ. අපි මේ තරග පරදින්නේ මේ කරන අත්හදා බැලීම් වලින්. අත්හදා බැලීම් කරන්න මේක කාලයක් නෙමෙයි. කොච්චර පුහුණුකරුවන් දේවල් ඉගැන්නුවත් මේ ළමයින්ට අත්දැකීම් මදි ඒවා ක්‍රියාත්මක කරන්න” යනුවෙන් අනූෂ සමරනායක මහතා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here