ටෙස්ට් පිටියේ බිහිවූ සාර්ථකම නායකයන් අතර ඉදිරියෙන්ම කියෙවෙන නමක් තමයි හිටපු දකුණු අප්‍රිකානු නායක ග්‍රැහැම් ස්මිත් කියන්නේ.ඒ වගේම දකුණු අප්‍රිකාවෙන් බිහිවුණු ලාබාලම නයකයා වන ස්මිත් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ පස්වන ලාබාලම නායකයා විදියට නම් කරන්න පුළුවන්.

ස්මිත් නායකත්වයට පත්වනවිට ඔහුගේ වයස හරියටම අවුරුදු 22 යි දින 82ක් පමණයි.ඒ වගේම මෙතෙක් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණයන් සංඛ්‍යාවකට කණ්ඩායම මෙහෙයවා තියෙන්නෙත් ග්‍රැහැම් ස්මිත්.ඒ ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරග 53ක ජයග්‍රහණය සදහා මෙහෙය වීමට සමත් වෙමින්.

මේ සිදුවීම 2012 වසර දක්වා දිවයන සිදුවීමක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරග තුනක් එක්දින තරඟ5ක් හා විස්සයි විස්ස තරග තුනක් සඳහා එංගලන්ත තරග සංචාරයක නිරත වෙනවා. ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සමගින් පැවැති පැවති පුහුණු තරගයකදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කම්පනයකට පත්වන සිදුවීමක් සිදුවෙනවා.ඒ දකුණු අප්‍රිකාව බිහිකළ සුපිරි කඩුලු රකින ක්‍රීඩක මාර්ක් බවුචර්ගේ ඇසෙහි පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉදිරි තරග අහිමි වීම.

ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී එක් බේලයක් බවුචර්ගේ ඇසෙහි වැදීම හේතුවෙන් තමයි ඔහු මෙලෙස ආබාධයකට ලක් වන්නේ.

එම ආබාධය කොතරම් දරුණු වූවාද කිවහොත් ටෙස්ට් තරග 147ක් එක්දින ජාත්‍යන්තර තරග 295 ක් හා 20-20 ජාත්‍යන්තර තරග 25ක් වෙනුවෙන් දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුපිරි කඩුලු රකින ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය හමාර කිරීමට එම අනතුර ප්‍රමාණවත් උනා.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් දකුණු අප්‍රිකානුවන් දෙවන ටෙස් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් වනවා. තෙවන ටෙස්ට් තරගය තියුණු අවසානයක් හරහා ගමන් කළේ තරඟයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින්.කෙසේ නමුත් එංගලන්තය වෙනුවෙන් හුදෙකලා ඉනිමක නිරතවූ මැට් ප්‍රයර් ගේ කඩුල්ල දවාගැනීමට දෙවන ස්ලිප්හි සිට උඩපන්දුවක් රැක ගැනීමට නායක ස්මිත් සමත් වුණේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණය ස්ථිර කරමින්. නමුත් වෙනදා මෙන් එය සැමරීමට ඔහුට අනෙක් පසින් බොහෝ අවස්ථාවන් වලදී ලගින් රැදි මාර්ක් බවුචර් නොසිටි අතර ඔහු වෙනුවට මෙම තරගාවලියේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ බෙන්ජමීන් ඩිවිලියර්ස්.

දෙවන ටෙස්ට් තරඟය ලකුණු 51 කින් ජයග්‍රහණය කළ ඒ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 2-0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත්වුණා. මෙම ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය දිනාගැනීමටද සමත්වුණා . ඒ වගේම තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් එක් සුවිශේෂි කුසලානයක් දකුණු අප්‍රිකාට හිමිවීමට නියමිතව තිබුණා.ඒ ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානය පැමිණීම හේතුවෙන් ප්‍රදානය කරන ICC Mace (මෙස්) කුසලනය හිමිකර ගැනීම.

එම කුසලානය ලබා ගැනීමට නායක ස්මිත් පැමිණියේ “We Miss U Bouch” ලෙස තම ජර්සියේ සටහනක් තබා ගනිමින්.දකුණු අප්‍රිකානු කණ්ඩායම ICC Mace කුසලානය දිනාගැනීමට වඩා හැමෝගෙම අවධානයට ලක්වුණේ ග්‍රැහැම් ස්මිත්ගේ මෙම ජර්සියේ සදහන් වැකිය කිවහොත් නිවැරැදි.

මේ ගැන අදහස් දක්වමින් ස්මිත් පැවසුවේ ” බවුච් ටෙස්ට් තරග 147 ක් වෙනුවෙන් අපේ කඩුලු රකින්නා විදියට කියලා නිම කරන්න බැරි විශිෂ්ඨ සේවාවක් සිදු කළා.මෙම තරඟය ක්‍රීඩා කලා නම් ඒ ඔහුගේ 150 වන ටෙස්ට් තරඟය.නමුත් අවාසනාවන්ත විදිහට ඔහුට ඒ කඩයිම් අහිමිවුණා. ඉතින් අපිට ඕනේ වෙලා තිබ්බා මේ වෙලාවේදී ඔහුව අපට අමතක නැති බව පෙන්වීමට.ඒ නිසයි මේ විදියට We Miss U Bouch ලෙස මම ජර්සියේ සටහන් තැබුවේ” යනුවෙන් ස්මිත් පවසා සිටියා.

© චානක මධුසාගර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here