“IPL ක්‍රීඩක වෙන්දේසිවලදී මිළදී ගන්න පුළුවන් උන ක්‍රීඩකයන් ගැන අපට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අපට අවශ්‍යම වෙලා හිටපු ක්‍රීඩකයන් සියලු දෙනාම අපිට මිළදී ගන්න පුළුවන් වුණා. දැන් අපි බලාපොරොත්තු වෙන සමබර හා ශක්තිමත් කණ්ඩායම අපට තිබෙනවා “යැයි විරාට් කෝලි අදහස් දක්වා තිබුණි.
පසුගියවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්ලේ ඕෆ්ස් වටය දක්වා සුදුසුකම් ලැබූ බැංගලෝර් කණ්ඩායම ඊට වඩා ඉහළ දස්කමක් දැක්වීමට මෙවර තරගාවලියේදී අපේක්ෂා කරන බව නායක විරාට් කෝලි සදහන්කොට ඇත.
” පසුගිය තරගාවලිය අපි ඉතාම හොඳින් අවසන් කළා. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී අප සමගින් එක්වුණු ක්‍රීඩකයන් සමග ඊට වඩා ඉහළ ස්ථානයක් කරා අපට ලගාවෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා” යැයි කෝලි සදහන්කොට සිටියේය. එසේම සිය ප්‍රේක්ෂකයන්ගේ සහය ඉල්ලා සිටි කෝලි ” හොඳම ප්‍රේක්ෂක පිරිසක් සිටින අපේ කණ්ඩායම නැවතත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ පෙරටත් වඩා මෙවර අපට සහයෝගය ලබා දෙන්න. ක්‍රීඩාංගණයට පැමිණ උදව් කරන කියලා” යැයි කෝලි සදහන්කොට සිටියේය.
“I just want to say it again, to the best fanbase… We look forward to your support”- Captain Kohli addresses RCB fans and shares his views about the recently concluded #IPLAuction and our #ClassOf2021@imVkohli#PlayBold #WeAreChallengers pic.twitter.com/qUxt9xTVSj
— Royal Challengers Bangalore (@RCBTweets) February 20, 2021