ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරගය අවාසනාවන්ත අයුරෙන් ශ්‍රී ලංකාව පරාජය වැළදගනු ලැබුවා. තරගය ශ්‍රී ලංකාව දෙසට විවෘතව තිබූ මොහොතක ලද මෙම පරාජය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් වඩා ප්‍රේක්ෂකයන්ට හද සසළ කරවන්නක් වුණා.
තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මංගල අර්ධ ශතකය ලබාගත් චරිත් අසලංක සදහන් කර සිටියේ මෙම තරගය පරාජයට පත්වීම විශාල කණගාටුවක් බවයි.

” නෑ ඇත්තටම කණගාටුයි මෙම ප්‍රතිඵලය ගැන. අපට දිනන්න තිබුණා . ඉන්දියන් බැට්ස්මන්ලට මෙහි ගෞරවය යන්න ඕනී. වනිදුට තව විකට් එකක් දෙකක් වගේ තව කවුරු හරි අරන් දුන්නා නම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. සදකැන් සෙල්ලම් කරන්නේ බෝලර් කෙනෙක් විදියට. ඇත්තටම මම දන්නේ නෑ හේතුව එයා ඕවර්ස් 10 දැම්ම. ඒක දන්නේ නායකයා. ටොස් එක දිනලා අපි බැට් කලේ රෑට පින්නක් තිබුණේම නෑ. ටෝට්ල් එකක් දාලා ඩිෆෙන්ඩ් කරන එක තමයි ඛෙත්තාරාමේ කරන්නම ලේසී. ඕවර්ස් 35 – 40 ක් වෙනකන් අපි සාර්ථක වුණා. ටීම් එකක් විදියට අපි ගොඩක් කණගාටුවෙන් ඉන්නේ. අපි තරුණ කණ්ඩායමක්. අපි ජයග්‍රහණ අඩුවෙන් ගත්ත ටීම් එකක්. රට වෙනුවෙන් සෙල්ලම් කරලා ජයග්‍රහණ ලබාගන්න අපි උත්සහා කරන්නේ. අපි උත්සහා කලේ ලබාගන්න රන් රේට් එක ඒ අයගේ වැඩි කරන්න. ඒ අය වනිදුට ලකුණු නොගහා අනිල් බෝලර්ස්ලට ලකුණු ගැහුවා. ඒ අය සාර්ථක වුණා” යනුවෙන් චරිත් අසලංක සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here