1995 / 96 ඕස්ට්‍රේලියානු තරග සංචාරය කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල හැරවුම් ලක්ශයක් කීවොත් වැරදි නෑ.. මුරලිට සිදුවුණාවූ අසාධාරණකම් , කළු – සනත් ආරම්භක පිතිකරුවන් යුගලක් බවට ක්‍රීඩා කිරීම වැනි නොයෙක් සිදුවීම් රැසක් එම තරගාවලිය තුළදී සිදුවුණා.
බෙන්සන් & හෙජස් තරගාවලියේ 09 වන තරගය තමයි 1996 වසරේ ජනවාරි මස 09 වනදා ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වුණේ. එදා තමයි රොමේෂ් කලුවිතාරණ පළවෙනි වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් විදියට පිටියට පිවිසෙන්නේ… 102.67 ක පන්දුවට පහරදීමේ වේගයකුත් රදවාගෙන කළු ලකුණු 77 ක් ලබාගන්නවා. මීට අලංකාර හතරේ පහර 12 ක් ඔහු අන්තර්ගත කිරීමටත් සමත්වෙනවා. එය තමයි කළු ජාත්‍යන්තර එක්දින පිටියේ පළමු වතාවට තරගයේ වීරයා සම්මානය දිනාගත් අවස්ථාව වෙන්නෙත්.
ඒ වීඩියෝ එක පහළින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here