මුම්බායි ඉන්දියන්ස් IPL තරග ඉතිහාසයේ සේම IPL තරග ඉතිහාසයේද වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරග වලින් සමුගන්නා බවට නිවේදනය කොට තිබුණා. මේ අනුව මින් පසුව ඔහු නැවතත් IPL හෝ කිසිදු ලීග් තරග බිමක දක්නට නොලැඹෙනු ඇතී.


IPL තරගාවලි ඉතිහාසය තුළ තරග 122 ක් ක්‍රීඩා කොට තිබෙන ලසිත් මාලිංග එහිදී කඩුලු 170 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. ඒ පන්දුවාරයකට ලකුණු 7.14 ක ලකුණු ලබාදීමේ අගයක් සමගින් හා කඩුල්ලක් දවා ගැනීම සදහා පන්දු 16.63 ක අගයක් පවත්වාගෙන යමින්. සිව්වරක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශූරතාවය දිනාගැනීම සදහා අසම සම සේවයක් සිදුකළ අයෙකු වන මාලිංග අවස්ථාවන් 05 කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරගාවලියක වැඩිම කඩුලු ලාභියා වීමට සමත්ව තිබෙන්වා. එසේම 2011 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමටද ලසිත් මාලිංග සමත්වුණා.

අදටත් සුරැකිව තිබෙන මාලිංග සතු IPL වාර්තා කිහිපයක්

  • IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා
  • කඩුලු 100 & 150 කඩයිම් තෙක් වේගයෙන්ම ලගාවූ ක්‍රීඩකයා
  • ඉනීමක වැඩිම වතාවක් කඩුලු 3+ දවාගත් ක්‍රීඩකයා (19 වතාවක් )
  • තරගාවලියකදී කඩුලු 20 ඉක්මවා සිව්වතාවක් දවාගත් එකම ක්‍රීඩකයා
  • 20 වන පන්දුවාරය නිළකුණු පන්දුවාරයක් ලෙස ක්‍රියාත්මක කළ එකම විදෙස් ක්‍රීඩකයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here