සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් එළඹෙන 26 වන දා ආරම්භ වීමට නියමිතව තිබෙන දෙවන ටෙස්ට් තරගයෙන්ද ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඉවත්වී තිබෙනවා.

එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දියාව සමගින් පැවැති 20 – 20 තරගාවලිය සේම පළමු ටෙස්ට් තරගය අහිමිවූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දෙවන ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අපේක්ෂා කළද වෝනර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් තෙවන ටෙස්ට් තරගයේ සිට එක්වනු ඇති ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

එසේම වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබෝට් ද දෙවන ටෙස්ට් තරඟයේදී ඕස්ට්‍රේලියානු සංචිතය සමගින් එක් නොවන බව ඔවුන් තවදුරටත් සඳහන් කොට තිබෙනවා. මේ අනුව පළමු ටෙස්ට් තරගයට සහභාගිවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමම දෙවන ටෙස්ට් තරගය සදහාද ක්‍රීඩා කරනු ඇති බව අපේක්ෂිතයි.

Australia Test squad: Tim Paine (c), Joe Burns, Pat Cummins, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Moises Henriques, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Will Pucovski, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, Matthew Wade, David Warner

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here