රටවල් 200 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 11 000 කට අධික සංඛාවක් සහභාගිවූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගියදා නිමාවට පත්වුණා. ඉන්දීය කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දැක්වූ ඉහළම දස්කම් දැක්වූ මෙම තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් 01 ක් , රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් සමගින් සමස්ථ පදක්කම් 7 ක් දිනාගැනීමට සමත්වුණා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි එංගලන්තය සමගින් පැවති ටෙස්ට් තරගය අවසන්වී ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගිවූ සියලුම ක්‍රීඩකයන් හට ඔහුගේ ස්තුතිය හා ප්‍රශංසාව පළකර සිටියා.
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වුණා. ක්‍රීඩා උළෙල සදහා සහභාගිවූ ඉන්දීය කණ්ඩායමට සිය ප්‍රශංසාව පළකරමින් කෝලි සදහන් කර සිටියේ ඔවුන් පිළිබඳව තමා ආඩම්බර වන බවයි.
” ඔලිම්පික් උළෙලේදී ජයග්‍රහණය ලද සියලුම දෙනාටත් එම ක්‍රීඩා උළෙල සදහා සහභාගිවූ සියලුම දෙනාටත් මම මගේ සුබ පැතුම් එක්කර සිටිනවා. ජය පරාජය කියන දෙය ක්‍රීඩාවේ කොටසක්. නමුත් වටින්නේ තමන්ගේ උපරිමය තමගේ රට වෙනුවෙන් ලබාදෙන එකයි. ඉදිරි අනාගතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ඔබ සියලුම දෙනාට සුබ පැතුම් එක් කරනවා”
යනුවෙන් කෝලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here