ඕස්ට්‍රේලියාව බලා සංචාරය කරන ඉන්දීය සංචිතය පසුගිය 26 වනදා ප්‍රකාශයට පත්කළ අතර එහිදී ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ඉවත්කිරීම දැඩිව කතාබහට ලක්වුණා. ඔහු ඉන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කළ අතර ඒ කෙසේවුවත් ඔහුට ඉන්දීය කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි විය හැක්කේ ඉන්දීය කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා වශයෙන් කටයුතු කරන නිටින් පටෙල් සමගින් සිදුකරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් සමත්වුවහොත් පමණක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඉන්දීය ක්‍රිකට් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් සදහන්කොට සිටිනවා.

එසේම තවදුරටත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කර සිටින්නේ ඉන්දීය නායක විරාට් කෝලි හට ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග 03 ක් පමණ පුද්ගලික හේතූන් මත අහිමිවන බැවින් රෝහිත් ශර්මා ටෙස්ට් තරගාවලියට එක් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් බළධාරීන් සළකා බලන බවයි.

එසේම 20 – 20 සංචිතය සදහා නම් කළ වරූන් චක්‍රවර්තී හට උරහිසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බැවින් ඔහුට ඕස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවීමට අවස්ථාවක් ඇතිබව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන්කොට තිබෙනවා. වරූන් උරහිසේ ආබාධයක් සමගින් IPL තරගාවලිය ක්‍රීඩා කළ බවත් ඔහුට IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට තිබූ උවමනාව හේතුවෙන් ශල්‍යකර්මය සිදුනොකළ බවත් සදහන් වෙනවා.

අදහස උපුටා ගැනීම – ටයිම්ස් ඔෆ් ඉන්දියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here