කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමගින් ඊයේ පැවැති තරගය කඩුලු 08 කින් පරාජයට පත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සිදුවුණා. මේ අනුව පංජාබ් කණ්ඩායම මේ දක්වා ලද ජයග්‍රහණයන් දෙකම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරියේ වාර්තා කිරීමට සමත්වීම සුවිශේෂී වනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයේදී තරගයේ වීරයා බවට පත්වූ AB ඩිවිලියර්ස් මෙම තරගයේදී අංක 06 පිතිකරු බවට පත්කිරීම සෑම දෙනා තුළම ප්‍රශ්ණකාරී හැගීමක් එක්කළ අතර මේ පිළිබඳව අදහස් දැක්වූ විරාට් කෝලි සදහන් කර සිටියේ ” අප තරගයට පෙර සාකච්ඡා කරලා ගත්ත තීරණයක් ඒක. ඔවුන්ට (පංජාබ් කණ්ඩායමට) පා දග පන්දු යවන්නන් දෙදෙනෙකු සිටියා. ඒ හේතුව නිසා අපට වමත් හා දකුණත් පිතිකරුවන් යුගලක් එකට ක්‍රීඩා කරවීමට අවශ්‍යතවයක් තිබුණා. ඒ නිසා AB ට ඉහළින් සුන්දර් හා ඩූබේ පැමිණියේ. සමහර තීරණ හරි යනවා. සමහර වෙලාවට ඒවා වැරදෙනවා.

නමුත් අපි ලකුණු 170 ක් පමණ ලබා ගත්තා. විශේෂයෙන්ම ඩූබේ හා සුන්දර් ඉතාම හොදින් ක්‍රීඩා කළා. රාහුල් හා ගේල් තරගයේ 16 වෙනි පන්දුවාරයේදී ලකුණු 20 ක් ලබා ගත්තා.ඒ වෙලාවේ හිතුවේ ඔවුන් තරගය 18 වන පන්දුවාරයේදී විතර ජයග්‍රහණය කරාවි කියලා.නමුත් අපි අවසන් පන්දුව තෙක් සටන් කළා. චහාල් ඉතාම හොදින් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළා. සෑම තරගයක් අවසානයේදීම ඉගෙන ගැනීමට යමක් තිබෙනවා ” යැයි විරාට් කෝලි සදහන් කළ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here