හිටපු එංගලන්ත ක්‍රීඩක හා නායක මයිකල් වෝන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මොහොතේදී පැවැත්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් ටිවීටර් පණිවුඩයක් නිකුත්කොට තිබෙනවා. මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ මොහොතේදී පැවැත්වීම තුළින් දැඩි පීඩනයකට පත්ව සිටින ඉන්දීය ජනතාවට යම් මානසික සහනයක් ලැබෙන බවයි. කෙසේ නමුත් එංගලන්ත හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් දකුනු අප්‍රිකානු සංචාරය මගහැර යාමද ඔහු ප්‍රශ්න කොට තිබුණා.

I think the IPL should carry on .. The joy it will be bringing billions in these awful times every evening is important .. but I do find it tough to think back how England & Aussie pulled out of games in SA,yet both countries players are allowed to play in India !!! #IPL2021— Michael Vaughan (@MichaelVaughan) April 27, 2021

මේ මොහොතේදී අයිපීඑල් තරගාවලිය පැවැත්වීම එක්තරා ආකාරයකට ඉන්දීය ජනතාව හට යම් හෝ මානසික සුවයක් ලබා දෙනලබා දෙන කාරණයක් වෙනවා. ඒ කෙසේ වුවත් මට මෙහි ඉතිරිව තිබෙන ප්‍රශ්නාර්ථය තමයි කෝවිඩ් -19 තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානු හා එංගලන්ත ක්‍රීඩකයන් දකුණු අප්‍රිකා සංචාරය මගහැර කෙසේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවද කියන කාරණය ” යැයි මයිකල් වෝන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රශ්න කොට සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here