සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රෙජිස් චකබ්වා හා ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොටසිටී.

via Getty Images

පාකිස්තානය බලා සංචාරය කරන සිම්බාබ්වේ සංචිතය තෝරාගැනීම සදහා නම්කළ 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට මොවුන් දෙදෙනාම ඇතුළත්ව සිටි අතර කෙසේ නමුත් 20 දෙනෙකුගෙන් යුත් අවසන් සිම්බාබ්වේ කණ්ඩායමට ඔවුන් දෙදෙනා ඇතුළත් නොවුණි.

ඔවුන් දෙදෙනා සමගින් තවත් සහයකන් දෙදෙනෙකු හටද කොරෝනා වෛරසය ආසාධනයවී අතිබව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තවදුරටත් සදහන්කොට ඇත. මරුමා හා චකබ්වා පුහුණු කදවුර පැවැත්වෙන සමයේදී එකම හෝටල් කාමරය භාවිතා කොට තිබෙන බවත් ඔවුන් දෙදෙනා ළගම ආශ්‍රිතයන් වීම හේතුවෙන් වෛරසය ආසාධනයවී ඇතිබව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.

කෙසේ නමුත් පාකිස්තානය බලා සංචාරය කළ සිම්බාබ්වේ කණ්ඩායම පිටත්වීමට පෙර සිම්බාබ්වේදී හා පාකිස්තානයට ලගාවූ පසු ඉස්ලාමාබාද්හීදී PCR පරීක්ෂණයකට ලක්කළ බවත් කිසිදු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරස ආසාදනයවී නොමැති බව තහවුරුවී ඇති බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය අනාවරණය කර ඇත. එසේම සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ නිරෝධනය කාලය එළඹෙන අගහරුවාදා අවසන් වීමට නියමිත අතර ඉන් පසුවද ක්‍රීඩකයන්ව නැවතත් PCR පරීක්ෂණයකට යොමුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here