ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දීපක් චහර්ව වරෙක රාජස්ථාන් ක්‍රිකට් ඇකඩමියෙන් ප්‍රතික්ෂේප කළ පුවතක් හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක වෙන්කටේශ් ප්‍රසාද් විසින් පසුගියදා සදහන් කර තිබුණා.
කළක් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රේග් චැපල් මහතා එම ධූරයෙන් ඉවත්වූ පසු රාජස්ථාන් ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්කර තිබෙනවා. එහිදී පුහුණුවීම් සදහා පැමිණි චහර්ව ග්‍රේග් චැපල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔහුගේ උස ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින්. එසේම චැපල් විසින් චහර් වෙත යෝජනාවක් කරමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් අතහැර වෙනත් රැකියාවක් තෝරාගන්නා ලෙසටයි.

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

කෙසේනමුත් අවසානයේදී ඉන්දීය කණ්ඩායමට පිතිකරුවෙක් ලෙසට සේවය සපයමින් ජයග්‍රහණය වෙත රැගෙන යාමට දීපක් චහර්ට පසුගියදා හැකියාව ලැබුණ අතර වෙන්කටේශ් ප්‍රසාද් අවසන් වශයෙන් සදහන් කර තිබෙන්නේ IPL කණ්ඩායම් වලට වේවා ඕනෑම ඉන්දීය කණ්ඩායමක් සදහා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය එම කණ්ඩායම් වලට ලබාගැනීමට ප්‍රථම හැකිතාක් ඉන්දීය පුහුණුකරුවන්ගේ සේවය ලබාගැනීමට උත්සහා කළයුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here