ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් නායකත්වයෙන් සමුදීමේ අදහසක් පිළිබඳව පළමුවරට යම් ඉගියක් ලබාදී තිබෙනවා. ඔහු සදහන් කරන ආකාරයට මේ වසරේ පැවැත්වෙන අලු බදුන තරගාවලිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කලහොත් නායකත්වයෙන් සමුදී නව නායකත්වය ස්ටීව් ස්මිත්ට ලබාගැනීමට උදව් කරන බව සදහන්කර තිබෙනවා.

(Photo by Visionhaus/Getty Images)

ඒ කෙසේවුවත් ඉන්දියාව සමගින් පැවති ටෙස්ට් තරගාවලිය 2 – 1 ක් ලෙසට ඕස්ට්‍රේලියාවේදීම පරාජයට පත්වීම නිස ටිම් පේන්ගේ නායකත්වයට යම් තර්ජනයක් ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
36 වනවියේ පසුවන ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පේන් සදහන් කර තිබෙන්නේ මේ මොහොතේදී ඔහු නායකත්වයෙන් ඉවත්වීම කෙරෙහි අවධානයක් යොමු කර නොමැති බවයි.

(Photo by Kelly Defina/Getty Images)

” ඇත්තටම මේ මොහොතේ මම නායකත්වය අත්හැරීම කෙරෙහි තීරණයක් අරගෙන නෑ. මම ස්ටීව් ස්මිත් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු විශිෂ්ඨ නායකයෙක්. ඔහු සතු උපාය මාර්ග අතිවිශිෂ්ඨයි ” යනුවෙන් ටිම් පේන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියක් වන news.com.au. වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබේ.

” ඔහුට නායකත්වය ලැබුණේ ඔහු බලාපොරොත්තු නොවූ අවස්ථාවක වගේම ඉතාමත් තරුණ වියේදී. නමුත් ඔහු දිනෙන් දිනම නායකත්වයේ කුසලතාවයන් ඔප් නංවාගෙන දකුණු අප්‍රිකාවේදි සිදුවූ සිදුවීම තෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා” යැයි පේන් සදහන්කර තිබේ.
එසේම ඕස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන අලු බඳුන තරගාවලිය ජයග්‍රහණය කළහොත් නායකත්වයෙන් ඉවත්වන බවට යම් ඉඟියක් ටිම් පේන් විසින් ලබාදී ඇත.

(Photo by Mark Kolbe/Getty Images)

” එංගලන්තය සමගින් ටෙස්ට් තරගාවලිය 5 – 0 ක් ලෙසට හෝ නැත්නම් තරගමාලාවේ ජයග්‍රහණය අපට හිමිවුවහොත් මම අනිවාර්යයෙන්ම නායකත්වයෙන් ඉවත්වෙනවා. ඉවත්වෙලා නැවතත් ස්ටීව් ස්මිත්ට නායකත්වය ලබාගැනීම සදහා උදව් උපකාර කරනවා “ යනුවෙන් පේන් සදහන් කර තිබේ. දකුණු අප්‍රිකාවේදි සිදුවූ සිදුවීමෙන් පසුව නායකත්වය නැවත කිසිදිනක බාරනොගන්නා බව පැවසූ ස්ටීව් ස්මිත් එම තීරණය මදක් වෙනස්කොට නායකත්වය ලැබුණොත් සළකාබලන බවට පසුගිය මාර්තු මාසයේදී සදහන්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here