” මම අතිශයින්ම සතුටට පත්වෙනවා ඔහු පිළිබඳව. ඒක ඉතාම හොඳ නැවත පැමිණීමක්. ඔහුට ඒ වගේ ඉනීමක් අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේ අවස්ථාවකදී තමයි ඔහු ඒ ඉනීම ක්‍රීඩා කළේ. මම මල්ලිට නිතරම කීවේ පරණ ක්‍රීඩා කරපු ඉනීම් මතක් කර ගන්න. ඔයාව විශ්වාස කරලා සෙල්ලම් කරන්න කියලා ” යැයි ජපානයේ මේ වනවිට ජීවත් වෙන ලහිරු තිරිමාන්නගේ සහෝදරයා Bdcrictime වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබුණි.

37 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය ලෙස පසුගියද සටන්කාමී ලකුණු 111 ක් එංගලන්තයට එරෙහිව වාර්තා කිරීමට සමත්විය.

” මම මල්ලිගේ පිතිකරණ තාක්ෂණය පිළිබඳව ගොඩක් විශ්වාස කරන කෙනෙක්. මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා ඔහු තවත් මෙවැනි ඉනීම් ක්‍රීඩා කරයි කියලා ” යැයි තුළනිදු තිරිමාන්න වන ලහිරුගේ එකම සොහොයුරා තවදුරටත් Bdcrictime වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබුණි.

සහෝදරයන් දෙදෙනාම මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේන් අධ්‍යාපනය හැදෑරවූවෝ වෙති.

” මමත් මල්ලී සමග පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළා. නමුත් මම වෙනත් දිශාවක් තෝරා ගන්නකොට මල්ලි දිගටම ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගෙන එහි දිගටම ගමන් කළා. ඒ වගේම ළහිරු අධ්‍යාපනයටත් හොදින් දස්කම් දැක්වූ කෙනෙක්. පංතියේ මුල් ස්ථාන අතර ඔහු නිතරම රැදුණා. ක්‍රිකට් පුහුණුවීම් අතරතුරදී ලැබෙන මද විවේකයේදිත් මල්ලි කිසියම් අධ්‍යාපන වැඩක නිරතවූවා ” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ලහිරු තිරිමාන්නගේ සොහොයුරා සදහන්කොට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here