පසුගියදා නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයේන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වුණා. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කරනු ලැබුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සේම 2012 වසරේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් කණ්ඩායමේ නායකත්වය හොඹවනු ලැබූ තිළිණ කණ්ඩම්බි විසිනුයි. තිළිණ කණ්ඩම්බි මහතා පසුගියදා V Fm ගුවන්විදුලිය සමගින් එක්වෙමින් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට ඉටු කර ගැනීමට නොහැකිවූ බලාපොරොත්තුවක් පිළිබඳව හෙළිකරනු ලැබුවා. එහිදී කණ්ඩම්බි මහතා අදහස් දක්වමින් සදහන්කොට සිටියේ ,

” වනිදු හසරංග කියන්නේ ලංකාවේ දැනට ඉන්න දක්ශතම ක්‍රීඩකයා. 20 – 20 මට්ටමින් ගත්තොත් වනිදු ලංකාවේ ඉන්න වල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා දෙතුන් දෙනා අතර ඉන්නවා. තරගාවලිය ආරම්භ වෙනකොට තිබුණ අවිනිශ්චිතතාවයත් එක්ක විදෙස් ක්‍රීඩකයන් පැමිණීමේ ගැටලුවක් තිබුණා. ඉතින් මම තිසර පෙරේරා හා කණ්ඩායමේ හිමිකරුවන් සමගින් කතා කරලා මාර්කින් ප්ලෙයස්ලා ගන්න පුළුවන් අවස්ථාවේදී වනිදු හසරංගව ලබා ගත්තා. ඒක ඩ්‍රාෆ්ට් එකට පිටින් ක්‍රීඩකයන් ලබාගන්න තිබුණ අවස්ථාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු උනේ මාර්කින් ප්ලෙයස්ලා විදියට විදෙස් ක්‍රීඩකයන් දෙදෙනක් කණ්ඩායමකට ලබා ගන්න ඉඩ දෙන්න. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා අපට දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙක් එම අවස්ථාව යටතේ මිළදී ගන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එයට එකග නොවී එක් ක්‍රීඩකයෙක් සදහා පමණක් අවසර ලබා දුන්නා. එම අවස්ථාවෙන් තමයි වනිදු හසරංගව අපි ලබා ගත්තේ. තිසරත් කණ්ඩායමේ හිටපු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දුන්නා නම් ක්‍රීඩකයන් දෙදෙනකු ලබා ගන්න අනිවාර්යයෙන්ම මම කුසල් මෙන්ඩිස් හෝ භානුක රාජපක්ෂ අපේ කණ්ඩායමට ලබා ගන්නවා ” යැයි තිළිණ කණ්ඩම්බි මහතා සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here