ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ඕමාන් තරග සංචාරය හා එළඹෙන 20 – 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සදහා ජෛව ආරක්ෂක බුබුළකට ඇතුල්වී සිටිනවා. එම තරගාවලි ද්විත්වය සදහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් සමගින් අතිරේක ක්‍රීඩකයන් 4 දෙනෙකු හා තවත් අමතර ක්‍රීඩකයන් 5 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. කෙසේනමුත් ලෝක කුසලාන සංචිතය සදහා නම්කළ කණ්ඩායම එළඹෙන මස 10 වනදා තෙක් වෙනස් කළ හැකි අතර මෝර්නින් පුවත්පත අනාවරණය කරන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක ධනංජය සිල්වා මූලික සංචිතයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙන බව සදහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කර තිබෙන්නේ ” ධනංජය සිල්වා 20 – 20 තරග රටාව සදහා සුදුසු ක්‍රීඩකයෙකු නොවන බවයි”.
එසේම ආබාධයකට ලක්ව සිටින ලහිරු මදුසංක හටද ලෝක කුසලානය අහිමිවීමට නියමිත අතර අවසන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය එළඹෙන මස 10 වනදාට පෙර නිකුත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here