ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අද (18) සවස 3:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එළඹෙන ලෝක කුසලාන 20 – 20 තරගාවලිය ඉලක්ක කරගෙන සීමිත පන්දුවාර එක්දින තරගාවලියක් සේම 20 – 20 තරගාවලියක් අන්තර්ගත මෙම තරගාවලිය සදහා කණ්ඩායන් ද්විත්වයම නවක ක්‍රීඩකයන් රැසක් සමගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායම එළඹෙන ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කරන අවසන් සීමිත පන්දුවාර තරගාවලිය මෙය වන අතර නවක ක්‍රීඩකයන් වන ඉශාන් කිශන් , සූර්යකුමාර් යාදෙව් , දෙව්දත් පඩික්කාල් , රුටුරාජ් ගයික්වාඩ් වැනි නවකයන් මෙම තරගාවලිය තුළදී අත්හදා බැලීමට සූදානමින් පසුවනවා.
මෙම තරගාවලිය සදහා නම්කළ ඉන්දීය නායක ශිකර් ධවාන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කර සිටියේ විරාට් කෝලි හා රවි ශ්‍රාස්ති ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂ සැළකිල්ලකින් පසුවන නිසා ඔවුන්ගේ එම සැලසුම් වලට එකගව මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.

” මම විරාට් සමගින් හෝ රවී සර් සමගින් විශේෂ සාකච්ඡාවක් සිදුකලේ නෑ. නමුත් ඔවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව අවධානය යොමුකරගෙන සිටිනවා. එම සැලසුම් රාහුල් සර් සමගින් කතාබහ කරන්න ඇති. ඒ අනුව අපි ඒවාට අනුකූලව ක්‍රීඩා කරන්න සූදානම්. එළඹෙන 20 – 20 ලෝක කුසලානය සදහා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ගැන අපට මෙම තරගාවලිය හරහා අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා. මේක හොද අවස්ථාවක් වගේම ලෝක කුසලානයට කලින් අපට තිබෙන අවසන් අවස්ථාවද වෙනවා.

කණ්ඩායම සමගින් දගපන්දු යවනන් 06 දෙනෙකු සිටිනවා. කවුරුන් ක්‍රීඩා කරනවාද යන්න තවමත් අවසන් තීරණයක් අරගෙන නෑ. කොහොම වුවත් අපේ එකම අරමුණ හොදම 11 ක්‍රීඩා කරලා තරගාවලිය ජයග්‍රහණය කරන එකයි ” යනුවෙන් ශිකර් ධවාන් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here