2023 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය සදහා පෙරමං කියනු ලබන එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති තරගාවලිය ඊයේ අවසන්වූයේ දකුණු අප්‍රිකාව පරදා 2 – 1 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දෙමින්.

ඒ අනුව මෙම තරගාවලිය තුළින් තීරණාත්මක ප්‍රසාද ලකුණු 20 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ සමගින් ඔවුන් එක්දින සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය තෙක් පෙරමුණ ගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළින් ප්‍රසාද ලකුණු 95 ක් ලබා එංගලන්තය පෙරමුණේ රැදී සිටින අතර දෙවන ස්ථානයේ බංග්ලාදේශ කණ්ඩායමත් , ප්‍රසාද ලකුණු 60 ක් සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන ස්ථානයේ හා සිව්වන ස්ථානයේ ඉන්දීය කණ්ඩායමත් රැදී සිටිනවා.

මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරග 15 ක් ක්‍රීඩාකර ජයග්‍රහණයන් 4 ක් සමගින් ප්‍රසාද ලකුණු 42 කට හිමිකම් කියනු ලබන අතර නියමිත වේලාවට පන්දුවාර ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 3 ක් ශ්‍රී ලංකාව අහිමි කරගත්තා. මෙම සටහනේ ශ්‍රී ලංකාවට පිටුපසින් පාකිස්තානය , බටහිර ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම රැදීසිටින අතර නවසීලන්ත තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 3 ක් පමණක් බැවින් ඔවුන් 10 වන ස්ථානයේ රැදී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here