ඉන්දීය ටෙස්ට් සංචිතය සදහා ප්‍රථම වතාවට තංගරාසු නටරාජන් කැදවීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කොට තිබෙනවා. මීට ආසන්නතම හේතුව වන්නේ ඕස්ට්‍රේලියාව සමගින් පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් ආබාධයකට ලක්වීමයි. ඔහුගේ වම් පාදයේ ඇතිවූ ( Left Calf Muscle ) ආබාධයක් හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමිවීමයි. එසේම ආබාධයකට ලක්වූ මොහොමඩ් ශම්මි වෙනුවට ඉන්දීය සංචිතය සදහා ශ්‍රාදූල් තකූර්ද කැදවා තිබෙනවා. එසේම සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ රෝහිත් ශර්මාද ඉන්දීය සංචිතය සමගින් එක්ව තිබෙනවා. තංගරාසු නටරාජන් ඕස්ට්‍රේලියානු සංචාරයේදී පළමුව ඉන්දීය 20 – 20 සංචිතයේ දැල් තුළ පන්දු යවන්නෙකු ලෙස් එක්වූ අතර ඉන් පසුව වරූන් චක්‍රවර්තී ආබාධයකට ලක්වීම නිසා ඔහු ඉන්දීය සංචිතයට කැදවනු ලැබුවා.
ඉන්දියානු ටෙස්ට් සංචිතය : අජින්කයා රහනේ ( නායක ) , රෝහිත් ශර්මා ( උප නායක ) , මයන්ක් අගර්වාල් , ප්‍රිතීව් ශෝ , ලෝකේශ් රාහුල් , චෙටෙස්වර් පුජාරා , හනුමන් විහාරි , ශුබ්මන් ගිල් , රිශාබ් පාන්ට් ( කඩුලු රකින්නා ) , රිදීමාන් සහා ( කඩුලු රකින්නා ) , ජස්ප්‍රිට් බුම්රා , නව්දීප් සයිනි , කුල්දීප් යාදෙව් , රවීන්ද්‍ර ජඩේජා , රවිචන්ද්‍රන් අශ්වින් , මොහොමඩ් සිරාජ් , ශ්‍රාදුල් තාකූර් , තංගරාසු නටරාජන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here