ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සිඩ්නි හා කැන්බරා නගරහීදී පැවැත්වෙන තරග වලින් ආරම්භ වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන් කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධන නීති රෙගුලාසි පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අතර තවමත් අවසන් තීන්දුවකට එළඹ නැති නමුත් නොවැම්බර් මස 27 වනදා හා 29 වනදා පළමු එක්දින තරග දෙක සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් තෙවන එක්දින ජාත්‍යන්තර තරගය හා පළමු 20 – 20 තරගය දෙසැම්බර් මස පළමුවනදා හා සිව්වනදා මනුකා ඕවල් පිටියේදීත් පැවැත්වෙන බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන් කරයි. නැවතත් සිඩ්නි ක්‍රීඩාංගණයේදී දෙවන හා තෙවන 20 – 20 තරගය දෙසැම්බර් මස 6 වනදා හා 08 වනදා පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

(Photo by STR/AFP via Getty Images)

තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස 17 වනදා ඇඩ්ලේඩ් නුවරින් ආරම්භ වන අතර බොක්සිං දින ටෙස්ට් තරගය MCG පිටියේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර කොවිඩ් – 19 වෛරස තත්ත්වය හේතුවෙන් ඇඩිලේඩ් පිටියද එම තරගය සදහා සූදානම් කොට තබන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සදහන් කරයි. ඉන් අනතුරුව තෙවන ටෙස්ට් තරගය ජනවාරි මස 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අවසන් ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හිදී ජනවාරි මස 15 වනදා ආරම්භවීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය ක්‍රීඩකයන් 32 කුගෙන් සමන්විත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට සිටින අතර වසර 03 කට පසුව රවින්ද්‍රන් අශ්වින් ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමට කැදවනු ඇති බවත් ඔවුන් සදහන්කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here