කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බව ඊයේ තරගය විනිශ්ය කළ විනිසුරුවරුන් විසින් සදහන් කොට ඇත. කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමගින් පැවති තරගයේදී මෙලෙස සුනිල් නරේන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව පැවසුවද ඔහුට තවදුරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ පන්දු යැවීමේ අවස්ථාව හිමිව ඇත. නමුත් මෙම තරගාවලිය තුළ තවත් එක් වතාවක් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවරුන් දන්වා සිටියහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට පන්දු යැවීමේ වාරණයක් පැනවෙනු ඇත. පසුගිය තරග දෙක පුරාවටම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිරත්වීමට සුනිල් නරේන් සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here