සංචාරක ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව අතර තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ඇඩ්ලේඩ් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරංගයක් ලෙස ආරම්භ විය.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කැමරන් ග්‍රීන් ටෙස්ට් වරම් දිනගත් අතර ඔහු ඉතිහාසයට එක්වූයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 459 වන ක්‍රීඩකයා ලෙසටය.


කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණයට කිසිදු සාධාරණයක් ඉටු නොකළ ඉන්දීය ආරම්භක පිතිකරු ප්‍රිතීව් ශෝ තරගයේ ක්‍රියාත්මක කළ දෙවන පන්දුවෙන්ම දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය.

ඉනපසුව මයන්ක් අගර්වාල් සමගින් එක්වූ චෙටෙස්වර් පුජාරා ඉන්දීය ඉනීම සෙමෙන් ගොඩනැංවීමට උත්සාහ කලද ලකුණු 32 ක් වනවිට දෙවන කඩුල්ල ලෙස මයන්ක් අගර්වාල් දවා ගැනීමට ජෝස් හේසල්වුඩ් සමත්විය.
ඉවසිලිමත් පිහිහරඹයක නිරතවූ චෙටෙස්වර් පුජාරා පන්දු 160 ක් පුරාවටම සිය කඩුල්ල ආරක්ශා කරගනිමින් ලකුණු 43 ක් ලබා ගැනීමට සමත්විය. ඔහු එම පන්දු 160 පුරාවටම හතරේ පහර 2 ක් පමණක් එල්ල කිරීම කැපීපෙණුනි.
ඉන්දීය නායක විරාට් කෝලි සමගින් උපනායක අජින්කයා රහනේ සිව්වන කඩුල්ල සදහා සාර්ථක ලකුණු සම්බන්ධතාවක් පිහිටුවමින් ලකුණු 88 ක් එක්කිරීමට සමත්වූහ. නමුත් ලකුණු 74 ක් ලබාසිටි විරාට් කෝලී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමත් සමගින් ඉන්දීය ඉනීමේ කඩාවැටීම ආරම්භ විය.


නව පන්දුව ලබා ගැනීමත් සමගින් ම ක්‍රියාත්මක කළ පලමු පන්දුවාරයේදීම ලකුණු 42 ක් ලබාසිටි අජින්කයා රහනේ දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය. ඉන් ටික වේලාවකින් හනුමන් විහාරි ලකුණු 16 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ජෝෂ් හේසල්වුඩ් සමත්විය. දිනය නිමාවට පත්වෙන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 233 ක් ලබාසිටි අතර නොදැවී කඩුල්ලේ රැදී සිටින රිදීමාන් සහා ලකුණු 09 ක් හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 16 ක් ලබාසිටී.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 02 ක් හා නේතන් ලයන් , ජෝෂ් හේසල්වුඩ් , පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් දවාගන්නා ලදි. හෙට තරගයේ දෙවන දිනය වන අතර ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 9:30 ට ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here