වසර 06 ක් බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමේ ඉඩෝරයට තිත තබමින් ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමගින් එළඹෙන බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම් ගතවී තිබෙනවා.

සිව්වන වරට පැවති බිග් බෑශ් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමෙන් පසුව බිග් බෑශ් ලීග් ක්‍රිකට් තරගාවලියක් තුළ මිචෙල් ස්ටාර්ක් ක්‍රීඩා කිරීමට නියමිත වන්නේ මෙවර වන අතර ඉන්දියාව සමගින් පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් පසුව ඔහු සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමගින් එක්වනු ඇති බවට ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සදහන්කොට තිබෙනවා.

එළඹෙන වසරේ ජනවාරි මස 19 වනදා ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අවසන්වීමට නියමිත අතර ජනවාරි 24 හා 26 වනදා පිළිවෙලින් හෝර්බාට් හර්කන්ස් හා මෙල්බන් ස්ටාර්ස් යන කණ්ඩායම් දෙක සමගින් පැවැත්වෙන තරග සදහා ස්ටාර්ක් ක්‍රීඩා කරනු ඇතිබව තවදුරටත් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සදහන්කොට තිබෙනවා. කෙසේ නමුත් ජනවාරි මස 22 වනදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගයට ස්ටාර්ක්ගේ සහභාගීත්වය සිදුනොවනු ඇතිබවද තවදුරටත් ඔවුන් සදහන්කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here