මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කිරන් පොලාර්ඩ් නායකත්වය දරණ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඩැරන් සැමී නායකත්වය දරණ සෙන්ට් ලුසියා සූක්ස් කණ්ඩායම සමත්විය. ඊයේ දින පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී ට්‍රින්බෑගෝ කණ්ඩායම හමුවේ කඩුලු 09 ක පරාජයක් අත්කර ගැනීමට ජැමෙයිකා තලවාස් කණ්ඩායමට සිදුවූ අතර මේ අනුව ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

දෙවන අවසන් පූර්ව තරගය ලෙස පැවැති ගයානා ඇමර්සන් වෝරියස් කණ්ඩායම හා සෙන්ට් ලුසියා සූක්ස් කණ්ඩායම අතර තරගයෙන් වවාර්තාගත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සූක්ස් කණ්ඩායම සමත්විය. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 55 ක් පමණි.එහ සටහන්වූයේ 20 – 20 තරග ඉතිහාසයේ අවසන් පූර්ව වටයේ තරගයක කණ්ඩායමක් වාර්තා කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. පිළිතුරු ලෙස ලකුණු 56 ක ඉලක්කයක් හඹාගිය සූක්ස් කණ්ඩායම පන්දු 93 ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළ අතර එය සටහන්වූයේ 20 – 20 ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී කණ්ඩායමක් ලද ජයග්‍රහණය ලෙසිනි.

මේ අනුව හෙට ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රී 7:30 ට CPL අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.මේ දක්වා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ට්‍රින්බෑගෝ කණ්ඩායම කිසිදු අවස්ථාවක සෙන්ට් ලුසියා සූක්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්ව නොමැති අතර ඉතිහාස අලුතින් ලියමින් මෙවර තරගාවලියේ අපරාජිත ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඩැරන් සැමී නායකත්වය දරණ සෙන්ට් ලුසියා සූක්ස් කණ්ඩායමට හැකිවේවිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here