ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් හා ලහිරු තිරිමාන්න හට කොවිඩ් – 19 ආසාධනයවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට තිබෙනවා.

ඊයේ දින සිදුකරන ලද PCR පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස මොවුන් දෙදෙනා හට කොවිඩ් – 19 වෛරස ආසාධනයවී තිබෙන බවට අනාවරණය වී ඇති අතර ඊයේ දින බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා සහභාගි වීමට නම්කොට සිටි ක්‍රීඩකයන් 35 දෙනාත් ඔවුන් සමගින් දැල් තුළදී පන්දු යවනන් ලෙස දායකත්වය ලබාදුන් ක්‍රීඩකයන් සියලු දෙනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සහයක මණ්ඩලයත් PCR පරීක්ෂණයකට ලක් කොට තිබුණා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන සධීර සමරවික්‍රමගේ විවාහයට සහභාගිවූ ක්‍රීඩකයන් රැසක්ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කොට තිබෙන බවත් සදහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here