එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හෙට චෙස්ටර්-ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 ලෝක කුසලානයේ කණ්ඩායම් අදියරේ තරගවලදීය. එම තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව එකිනෙකට ක්‍රීඩා කර ඇති තරගවල සංඛ්‍යාලේඛන මෙසේය.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග ආකෘතියේදී කණ්ඩායම් දෙකම සම සමව ජයග්‍රහණයන් හා පරාජයන් ලබා තිබේ. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 75ක් පවත්වා ඇති අතර, එහිදී කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 36ක් සහ පරාජයන් 36ක් ලබා ඇත. එමෙන්ම තරග 03ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ නමුත් අවසන් එක්දින තරග දෙක ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

A general view of the ground during the The Bob Willis Trophy match between Durham County Cricket Club and Derbyshire County Cricket Club at Emirates Riverside, Chester le Street (Photo by Mark Fletcher/MI News/NurPhoto via Getty Images)

එංගලන්ත කණ්ඩායමේ මෙම එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් වැඩිම කඩුලු ලබාගෙන තිබෙන්නේ ක්‍රිස් වෝක්ස්ය. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගවලදී කඩුලු 24ක් දවාගෙන ඇත.

මෙම තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන තිබෙන්නෙ නුවන් ප්‍රදීප්ය. ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 08කි.

LEEDS, ENGLAND – JUNE 21: Nuwan Pradeep of Sri Lanka celebrates taking the wicket of Mark Wood of England during the Group Stage match of the ICC Cricket World Cup 2019 between England and Sri Lanka at Headingley on June 21, 2019 in Leeds, England. (Photo by Michael Steele/Getty Images)

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගවලදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන්ගෙන් ජෝ රූට් ලකුණු 1,028ක් රැස් කර ගෙන ඇත. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් සහ අර්ධ ශතක හතක් රැස් කිරීමට සමත්ව තිබේ.

මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් කුසල් මෙන්ඩිස් එක්දින තරග 09කදී ලකුණු 276ක් රැස් කරගෙන තිබේ. කෙසේ වෙතත් ජෛව බුබුළ තුළ නොසිට එය උල්ලංඝණය කිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙම එක්දින තරගාවලිය අහිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here