ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන්කොට සිටියේය . වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන්කොට සිටියේ ” එංගලන්ත සමගින් තරගාවලිය පැවැත්වෙන මේ මොහොතේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට බලපෑමක් සිදුවිය හැකි බැවින් එංගලන්තය සමගින් පැවැත්වෙන තරගාවලිය අවසානයේදි ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් සාකච්ඡා සිදුකොට දැඩි තීන්දු තීරණ කිහිපයයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන්කොට සිටියේය.
එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද ( 17) උදෑසන 10 ට ආරම්භ වීමට නියමිතය.
