“මේ සතිය අවසන් වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කමිටුව නම් කිරීමට නියමිත වෙලා තියෙනවා. මම ඔවුන්ට නිර්දේශ යවලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුවට අවශ්‍ය නෛතික බලතළ ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි ලබාදීලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුව විසින් ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කරන්නත් , අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය ප්‍රතිව්‍යුහගත කරන්නත් පාසල් ක්‍රිකට් දියුණු කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාවි. ඒ වගේම අපි තේරුම් ගතයුතු කාරණාවක් තමයි කිසිම ක්‍රීඩාවක් මාසෙන් දෙකෙන් අපට හදන්න බෑ. මෙම අලුතින් පත්කරන කමිටුවට පවා සාධාරණ කාලයක් අපි ලබා දිය යුතු වෙනවා. අපේ ඉලක්කය ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නම් අපි තරුණ පරම්පරාව සමග ඉදිරියට යන්න ඕනි. වයස අවුරුදු 19 න් පහළ , 17 න් පහළ වගේම 23 න් පහළ කාණ්ඩයන් ගැන සළකා බලලා අපි ඒ අය එක්ක ඉස්සරහට ගියොත් කාලානුරූපීව අපට ඒ ජයග්‍රහණ කරා යන්න පුළුවන් වෙයි. ඒ වගේම දක්ශතා පදනම් කරගත් ගෙවීමේ ක්‍රමය මොකක්ද කියන එක ක්‍රිකට් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සමගින් සාකච්ඡා කරලා අවසන් තීරණයක් ලබා ගනීවී.

ඒ වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හැම ක්‍රීඩාවකටම අපි අනිවාර්ය කරලා තියෙනවා. ඒක ක්‍රිකට් ක්‍රීඩාවටත් අදාලයි. අලුතින් පත්වන තේරීම් කමිටුවට අපි උපදෙස් දීලා තියෙනවා ශාරීරික යෝග්‍යතාවය අසමත් වෙන කිසිදු ක්‍රීඩකයෙකු ජාතික සංචිතයට ඇතුළත් කරගන්න එපා කියලා. ඒ වගේම එහෙම අයව ඇතුළත් කරලා පස්සේ ඇවිත් කියන්න එපා කකුළ තුවාල උනා , අරක තුවාල උනා මේක තුවාල උනා මේ ළමයාගේ ෆිට්නස් තිබුණේ නෑ කියලා කියන්න එපා. ඒ වගේම ඇල්කොහොල් ටෙස්ට් එකත් , ඩොපින් ටෙස්ට් එකත් හැම ක්‍රීඩාවකටම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පිළිබඳව සුභවාද අදහසක් හා ආකල්පයක් අපට තියෙනවා ” යැයි ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දින මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here