ලෝක කුසලාන 20 – 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු පුහුණු තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.මේ වනවිට ජාත්‍යන්තර 20 – 20 ශ්‍රේණිගත කිරීම්හි 06 වන ස්ථානයේ රැදීසිටින බංග්ලාදේශ කණ්ඩායම මේ වසරේදී මේ දක්වා ක්‍රීඩා කළ 20 – 20 තරග 16 න් තරග 09 ක් ජයග්‍රහණය කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 12 ක් ක්‍රීඩා කර ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3 ක් පමණයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සදහන් කර සිටියේ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රභල කණ්ඩායමක් ලෙස සළකන බවයි.

“අපි දන්නවා බංග්ලාදේශය කියන්නේ කොයිතරම් හොද කණ්ඩායමක්ද කියලා. විශේෂයෙන්ම පන්දුවාර 20 – 20 තරග වලදී. අපි කණ්ඩායමක් ලෙසට බංග්ලාදේශ අභියෝගය සදහා සූදානමින් සිටිනවා” යනුවෙන් චන්දිමාල් සදහන් කර සිටියා. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්ව සිටි දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටිනවා.

” වනිදු හා චමීර අපි සමගින් ඉරිදා දින එක්වුණා. මම හිතෙනවා ඔවුන් බංග්ලාදේශ තරගය ක්‍රීඩා කරාවි කියලා” යනුවෙන් දිනේෂ් චන්දිමාල් සදහන් කර සිටියා.
එසේම අවිශ්ක ප්‍රනාන්දු අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කරවීමට තීරණය කර තිබෙන බවත් මේ දක්වා තමාට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වගකීම පවරා තිබෙන බවත් චන්දිමාල් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here