බටහිර ඉන්දීය කොදෙව් සංචාරය බලා පිටත්ව යෑමට නියමිත 35 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෙක් සඳහා නව ශාරීරික යෝග්‍යතා මට්ටමක් හඳුන්වාදී තිබෙනවා.දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එය සදහන් වන්නේ කිලෝමීටර් 2 ක කාලයක් විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් තුළ අවසන් කිරීමයි. මෙම පරිසාධන මට්ටම් හදුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වූ නව අභ්‍යාසකවරයා වන ග්‍රාන්ට් ලූඩන් මහතා වන අතර ඔහු ප්‍රචලිතව ඇත්තේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩි තීන්දු තීරණ ලබාගන්නා අයෙකු ලෙසටයි.


සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මීටර් 400 ක ධාවන දුරක් සහිත වට 5 ක් ඒ අනුව ක්‍රීඩකයක් විනාඩි 2 යි තප්පර 35 කට අඩුවෙන් දිවීමට සිදුවනවා.
කෙසේ නමුත් ග්‍රාන්ට් ලූඩන් මහතාගේ සාමාන්‍ය පරිසාධන මට්ටම් පන්දු යවන්නෙකු සදහා නම් කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 7 යි තත්පර 30 කින් හා පිතිකරුවෙක් සදහා විනාඩි 8 ක් ලෙස නියමකොට ඇති අතර මෙම පරිසාධන මට්ටම් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හදුන්වාදීමට නියමිතව තිබෙනවා.
යම්කිසි ක්‍රීඩකයෙකු පළමුවර මෙම පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට දෙවන වර සමත්වීම සදහා දින 40 ක කාලයක් ලබාදී තිබෙන අතර එම දින 40 ක කාලය තුළදී ඔහු දෙවන වරටත් අසමත් වුවහොත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා තෝරා නොගැනීමට තීරණය කොට තිබෙනවා.
එසේම දි අයිලන්ඩ් පුවත්පත අනාවරණය කර ඇති අන්දමට සමහර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම පරිසාධන මට්ටම ඉක්මවීමට විනාඩි 9 යි තත්පර 30 ක කාලයක් හා තවත් එක් ක්‍රීඩකයෙකු විනාඩි 10 ක කාලයක් ඉක්මවා ලබාගෙන ඇති බව සදහන් කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here