ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා හදුන්වාදී තිබෙන නව ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම පසුකිරීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට නොහැකිවී තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කර ඇත. මෙම ක්‍රීඩකයන් අතර කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් , ඉෂාන් කිශාන් , නිතීෂ් රානා , පාදග පන්දු යවන ක්‍රීඩක රාහුල් තෙවාටියා , සිද්ධාර්ථ් කෝල් හා ජාදේව් උනඩ්කට් යන ක්‍රීඩකයන් මෙලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වී ඇතිබව අනාවරණය කර තිබේ.
මෙම ක්‍රීඩකයන් සියලුම දෙනාට නැවතත් නව දිනයක් ලබාදී තිබෙන අතර එම දිනයේදී ඔවුන්ට එම යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී ඇත. එම පරීක්ෂණයෙන් ද ඉහත ක්‍රීඩකයන් අසමත් වුවහොත් ඔවුන්ට එංගලන්තය සමගින් පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තේරීම් සදහා නොසළකා හරිනු ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කර තිබේ. මේ හා සමාන තත්වයක් 2018 වසරේදී මොහොමඩ් ශම්මි හා අම්බති රයිදු හට ඇතිවූ අතර ඔවුන් යෝ – යෝ පරීක්ෂණය අසමත්වීම නිසා ඔවුන් දෙදෙනාව එංගලන්තය සමගින් පැවති තරගාවලිය අහිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here