රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ඊයේ පැවැති තරගය ලකුණු 13කින් ජයග්‍රහණය කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත්වුණා.

කෙසේ නමුත් තරගයේ පස්වන පන්දුවාරයේදී දිල්ලි කණ්ඩායමේ නිත්‍ය නායක ශ්‍රේයස් අයියර් පන්දුවක් නැවැත්වීමට යාමේදී උරහිසේ ආබාධයකට ලක්වුණා.ඔහු දැඩි වේදනාවකින් ක්‍රීඩාංගණයෙන් ඉවත්වූ අතර ඉන් පසුව දිල්ලි කණ්ඩායමේ නායකත්වය දරණු ලැබුවේ ශිකර් ධවාන් විසින්. අයියර්ගේ ආබාධය පිළිබඳව අදහස් දැක්වූ ධවාන් සදහන්කොට සිටියේ
” ඔහු ( ශ්‍රේයස් ) දැඩි වේදනාවකින් පසුවුණා.නමුත් ඔහුට උරහිස සෙළවීමට හැකියාව තිබෙනවා.තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව අප සතුටුවනවා.අපගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අයියර්ගේ තත්වය අධ්‍යනය කරමින් සිටින්නේ.බොහෝවිට හෙට දිනය තුළ නිවැරැදි වාර්තාවක් ලබා ගන්න පුලුවන් වෙයි “.
යනුවෙන් ඊයේ තරගය අවසානයේදී ශිකර් ධවාන් සදහන් කර සිටියා. මේ අනුව අයියර්ගේ අබාධය පිළිබඳව වාර්තාවක් අද දින ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here