ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20 – 20 තරග 18 ක් නියෝජනය කරන ලද ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික හා දේශීය ක්‍රිකට් පිටියට සමුදෙන බවට සදහන්කොට තිබෙනවා. ඔහුගේ මීළග නැවතුම්පොළ ලෙස ඇමරිකා එක්සත් ජනපදය තෝරාගෙන තිබෙන අතර ඔහු එරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අපේක්ෂා කරන බවට සදහන්කොට තිබෙනවා.
JUST IN: Shehan Jayasuriya has informed Sri Lanka Cricket that he will no longer be available for domestic or international tournaments, as he is moving to the USA with his family.
— ICC (@ICC) January 8, 2021
Jayasuriya has represented Sri Lanka in 12 ODIs and 18 T20Is. pic.twitter.com/EeIonzRZ7d
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 195 ක් හා 20 – 20 ලකුණු 241 ක් ලබාගෙන ඇති ඔහුගේ ඉහළතම එක්දින ලකුණු සංඛාව වන්නේ පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 96 යි. පන්දු යවන්නෙකු ලෙස් ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 06 ක් ජාත්‍යන්තර පිටිය තුළදී බිදහෙළීමට සමත්ව තිබෙනවා. එසේම 2014 වසරේදී ද. කොරියාවේදී වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් එකම රන් පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අයෙකු ලෙසද ශෙහාන් ජයසූරිය හැදින්විය හැකිය.
දේශීය පළමු පෙළ පිටියේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ 06 වන කඩුල්ල සදහා වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය සදහා දායක වූයේ දසුන් ශානක සමගින් පාකිස්තානයට එරෙහිව ලකුණු 177 ක් එක් කරමින්. මෙය ඉතිහාසයේ සදහන් වන්නේ එක්දින ජාත්‍යන්තර පිටියේ 06 වන කඩුල්ල වෙනුවෙන් වාර්තාවූ හොදම 5 වන සම්බන්ධතාවය ලෙසටයි.
