ලබන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශකීබ් අල් හසන් සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් නිළධාරියෙකු වන අක්‍රම් ඛාන් අනාවරණය කර සිටී. කෙසේ නමුත් එස් තරගාවලිය ක්‍රීඩා නොකරන ශකීබ් ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව සහභාගි වනු ඇති බවට ඔහු තව දුරටත් අනාවරණය කර තිබේ. සම්පූර්ණයෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවීම ඉලක්ක කොටගෙන මෙලෙස ශකීබ් ශ්‍රී ලංකා සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මග හැරීමට තීරණය කර තිබේ. ඔහු ඊට පෙර පැවැත්වෙන නවසීලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද ක්‍රීඩා නොකරන බව දැනුම්දී ඇත්තේ සිය බිරිදගේ දරු ප්‍රසූතිය සදහා ඔහුට බිරිද සමගින් සිටීමට අවශ්‍ය බව සදහන් කරමිනි. ශකීබ්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් අක්‍රම් ඛාන් පවසා සිටියේ ” අපි කිසිදු ක්‍රීඩකයෙකුට බල කරන්නේ නෑ අකමැත්තෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න කියලා. එහෙම කරලා කිසිම වැඩක් නෑ “ යනුවෙන් සදහන් කොට සිටියේය.
මෙවර IPL තරගාවලියේ ශකීබ් ඉන්දීය රුපියල් කෝටි 3.2 කට කොල්කොටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here