ලබන වසරේදී ඇමරිකාවේදී ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති 20 – 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ලොස් ඇන්ජලීස් කණ්ඩායම ශාරුක් ඛාන් විසින් මිළදී ගෙන ඇති බව මුම්බායි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම තරගාවලියට ලොස් ඇන්ජලීස් , වොෂිංටන් , ඩලස් , නිව් යෝර්ක් , චිකාගෝ හා සැන් ෆ්‍රැන්සිස්කෝ ලෙස කණ්ඩායම් 06 ක් එක්වීමට නියමිත අතර ශාරුක් ඛාන් මිළදී ගත් ලොස් ඇන්ජලීස් කණ්ඩායම ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් ( LKR ) ලෙස නම්කොට තිබෙන බව පුවත්පත වාර්තා කොට තිබේ. මේ අනුව නයිට් රයිඩර්ස් නාමය යටතේ කණ්ඩායම් ත්‍රිත්වයක් 2021 වසරේ සිට් ලීග් තරග බිමෙහි දැක ගැනීමට හැකිවනු ඇත.


මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශාරුක් ඛාන් සදහන්කොට ඇත්තේ ” වසර කිහිපයක සිට නයිට් රයිඩර්ස් නාමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට අපි ක්‍රියාකරමින් සිටිනවා. එක්සත් ජනපදය තුළ 20 -20 තරග රටාව ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි සියුම්ව අධ්‍යනය කොටයි මෙම තීරණය ලබා ගත්තේ “. යැයි මුම්බායි මිරර් පුවත්පත අනාවරණය කොට ඇත. එසේම එම 20 – 20 තරගාවලිය සංවිධානය කරන සංවිධායකයන් සදහන්කොට තිබෙන්නේ ඇමරිකාව තුළ නව ක්‍රීඩාංගණ සෑදීම සදහාද ශාරුක් ඛාන් සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පළකොට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here