ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 03 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කර සිටියේ හෙට තරගයේදී ප්‍රධාන පන්දු යවනන් තිදෙනෙකු සමගින් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා කරවීමට සැලසුම් කරගෙන සිටින බවයි.

“නායකත්වය කියන එක වගේම තරගාවලියත් ලොකු අභියෝගයක්. මෙතන ඉන්න හැම ක්‍රීඩකයෙක්ම දක්ශතා දක්වපු අය. ඒ අයට තවම ජාත්‍යන්තර අත්දැකීම් මදී. එහෙම කියලා අපි පස්සට යන්න හොද නෑ. ඒ අය සෙල්ලම් කලොත් තමයි අත්දැකීම් ලැබෙන්නේ. අපි ගෙදර නොයා මාස දෙක හමාරක් විතර ජෛව ආරක්ෂක බුබුළක ඉන්නේ. දැන් නම් ඒක අපට හුරුයි. මේකත් එක්ක ක්‍රිකට් ඉදිරියට යන්න ඕනී. ජේෂ්ඨ ක්‍රීඩකයන් ගොඩක් වටිනවා. ඔවුන්ගේ අත්දැකීම් වලින් තමයි තරුණ ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ. මේ මොහොතේදී ඒ අය නෑ කියලා අපේ ක්‍රිකට් එක පහළට දාගන්න බෑ. ඉන්ටර්නැෂනල් ක්‍රිකට් සෙල්ලම් කරනකොට අපේ ස්ටෑන්ඩර්ස් තියාගන්න ඕනී.

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

අපේ කම්බිනේශන් එක 6 – 2 – 3 විදියට යනවා. පිතිකරුවන් හය දෙනෙකු , ප්‍රධාන පන්දු යවනන් තිදෙනෙකු සමගින් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු සෙල්ලම් කරනවා. ඊට අමතර මමයි ධනංජයයි පන්දු යවනන් විදියට සිටිනවා. නායකයෙකුට කණ්ඩායමක් ගොඩනගාගන්න එක දිගට වසර 2 – 3 ක් ලබාදෙන්න ඕනී. ඒක මට නෙමෙයි ඕනෑම කෙනෙක්ට දෙන්න ඕනී.

කණ්ඩායම් දෙකම නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි. කණ්ඩායම් දෙකටම එක හා සමාන ඉඩක් මෙම තරගාවලිය ජයග්‍රහණයට තිබෙනවා. ඉන්දීය ක්‍රීඩකයන් IPL ක්‍රීඩා කරලා තිබුණත් ඒ අයට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් ලැබිලා නෑ. මම මගේ ප්ලේයර්ස්ලව විශ්වාස කරනවා. හොද තරගාවලියක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලිය අපි හොදටම කරන්න ඕනී. මොකද අපට 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගන්න තිබෙනවා. තණතීරුව ගැන කිව්වොත් මම හිතනවා ඒක පිතිකරුවන්ට යෝග්‍ය වේවි කියලා. ඒ වගේම අපේ නවක ක්‍රීඩකයන්ව ඉන්දියාව තවම ජාත්‍යන්තර තලයේදී දැකලා නෑ. ඒක අපට යම්කිසි වාසියක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ඉන්දීය නවක ක්‍රීඩකයන් ගැන අපි අධ්‍යනය කරලා තියෙන්නේ. අපේ පන්දු යවන්නට ඔවුන් ගැන හොද දැනුමක් ලැබිලා තිබෙනවා කියලා මම හිතනවා” යැයි දසුන් ශානක සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here