මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සියලුම තරගාවලි මම උපරිමයෙන් විදිමින් තමයි සෙල්ලම් කලේ.
2007 වසරේ අග භාගයේදී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීමත් සමග මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි මහතා කතා කරලා කීවා ‘සචින් අපි කැමති ඔබ අපේ කණ්ඩායමේ නායකත්වය දරණවා නම්’ කියලා.

මටත් කල්පනා කරන්න තරම් හේතුවක් තිබුණේ නෑ.මම එකවරම ඔහුගේ තීරණයට එකග උනා.ඒ විදියට තමයි මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් කණ්ඩායමේ නායකයා විදියට එකතු උනේ.මේ සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් එක්වීම පිළිබඳව සදහන් කළ අදහසකි.

මුකේෂ් අම්බානි මහතා ඔහුගේ බිරිද හා සචින් තෙන්දුල්කාර්
මුකේෂ් අම්බානි මහතා ඔහුගේ බිරිද හා සචින් තෙන්දුල්කාර්

මට නායකයා විදියට අවශ්‍ය වන්නේ කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමයෙන් කැපවීමක් කරන පිරිසක් කියලා මම මුලින්ම මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරිත්වයට ප්‍රකාශ කළා.

2008 වසරේ පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය
2008 වසරේ පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය

2008 වසරේ පෙබරවාරි මසදී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමේ ප්‍රථම අදියර ක්‍රියාත්මක උනා.ඒ මොහොතේදී මම හිටියේ ඉන්දීය කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත වෙමින්. නමුත් මම අපේ මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරිත්වයට දන්වා සිටියා මෙන්න මේ වගේ ක්‍රීඩකයන් පිරිසක් තමයි මට ක්‍රීඩක ලංසුවෙන් මිළදී ගන්න අවශ්‍ය ඉදිරි තරගාවලිය ක්‍රීඩා කරන්න කියලා.

මගේ වාසනාවට ඔවුන් මගේ අදහස් වලට ගැලපෙන ක්‍රීඩකයන් පිරිසක් තෝරා ගන්න ගොඩක් උත්සහ කළා.නමුත් මෙම ක්‍රීඩක වෙන්දේසිය සිදුවන ආකාරය ගැන අවබෝධයක් ලැබීමට අපට යම් කාලයක් ගතවීම යම් අවාසිදායක තත්වයක් නිර්මාණය කරා කීවොත් නිවැරැදි.ඒ නිසා සමහර ලංසු තැබීම් අපට වැරදුණා.

එම වෙන්දේසියේදී සිදුවූ යම් යම් අතපසුවීම් නිසා අපට ප්‍රථම තරග වටය සාර්ථකව අවසන් කරන්න බැරි උනා.ඒ වගේම මමත් ආබාධ රැසකට ලක්වෙලා හිටපු නිසා මටත් තරගාවලියේ ප්‍රථම තරග හත මගහැරුණා.

හැබැයි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අදියරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදුවූ හොඳම දෙය තමයි ලසිත් මාලිංගව අපේ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවීම.

මම අපේ කළමනාකාරිත්වයට උපදෙස් දීලා තිබුණේ ලසිත් මාලිංග වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මුදල් ප්‍රමාණයක් වියදම් කොට ක්‍රීඩක ලංසුවේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත මිලදී ගන්න කියලා.

විශ්වාස කරන්න ,

මම එවැනි පන්දු යවන්නෙක් මීට පෙර දැකල නෑ. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සමගින් ඔහුගේ පන්දුවල තිබූ වේගය නිසා මාලිංග අසාමාන්‍ය හැකියාවක් සහිත ක්‍රීඩකයෙක් බව මම දැනගෙන හිටියා.

මාලිංග පන්දු යවන විට දර්ශණ තිරය බවට පත් වන්නේ විනිසුරුවරයායි .ඒ තරමට ඔහුගේ පන්දුව එන දිශානතිය තේරුම් ගැනීමට අපහසු වෙලා තිබුණේ.

ඒ වෙනකොට මට මාලිංග පිළිබඳව තිබුණ භයානකම මතකය තමයි වරක් ශ්‍රී ලංකාවේදී මාලිංග මට සුදු පැහැති පන්දුවෙන් පන්දු යවමින් සිටියා. මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. මම දුටුවේ විනිසුරුවරයාගේ හිස් වැසුම සුළගේ පාවෙමින් මම වෙත එනවා කියලා.මම විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා හිස් වැසුම ඉවත් කරන්න කියලා. එවැනි මතකයන් ගොඩක් මට මාලිංග ගැන තිබුණා.එවැනි දේ හිතේ තබාගෙන තමයි මම ඔහු වෙනුවෙන් ඕනෑම මුදලක් වියදම් කරන්න කියලා කිව්වේ.නමුත් අවාසනාවන්ත ලෙසට මාලිංගගේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරඟාවලිය මගහැරුණා.ඔහුට එම තරගාවලිය මගහැරුණට වඩා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මාලිංගව එම තරගාවලියේදී මගහැරුණා කීවොත් නිවැරැදී.

ඡායාරූප උපුටා ගැනීම – Getty Images / Espn Cricinfo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here