ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන ටෙස්ට් , එක්දින හා 20 -20 තරගාවලියේ ඉන්දීය සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් රෝහිත් ශර්මා ටෙස්ට් කණ්ඩායමට හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැපීපෙණෙන පන්දු යැවීමක නිරතවූ තංගරාසු නටරාජන් ඉන්දීය 20 – 20 කණ්ඩායමට එක් කොට ඇත.

මෙහිදී රෝහිත් ශර්මා එක්දින හා 20 – 20 තරග වලින් විවේක ගන්වා ඇති අතර 20 – 20 සංචිතයට නම්කර සිටි වරූන් චක්‍රවර්තිගේ ආබාධය හේතුවෙන් මෙලෙස නටරාජන් ඉන්දීය සංචිතයට එක්කොට ඇත. එසේම ඉන්දීය නායක විරාත් කෝලි පළමු ටෙස්ට් තරඟයට පමණක් සහභාගි වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කොට ඇත. එසේම රිදීමාන් සහාගේ හා ඉශාන්ට් ශර්මාගේ ආබාධ තත්වය පිළිබඳව තවදුරටත් අධ්‍යනය කොට අවසන් තීරණය ලබා ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සදහන්කොට තිබේ. තරගාවලිය එළෙබෙන 27 වනදා ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here