මෙවර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් පළමු දිනයේදීම පෙරළිකාර ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6 කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් ලබාගැනීමට සමත්වුණා. මෙහිදී විශේෂත්වය වන්නේ වරෙක ලකුණු 53 කට කඩුලු 6 ක් බිදවැටී තිබූ ස්කොට්ලන්ත ඉනීම ලකුණු 140 ක් දක්වා පැමිණීමයි.
තරගයෙන් පසුව අදහස් දක්වමින් බංග්ලාදේශ 20 – 20 නායක මොහොමඩ් මහමදුල්ලා මෙම පරාජයේ වගකීම සිය පිතිකරුවන් බාරගත යුතුබව සදහන් කළා.

” මම සිතන්නේ ලකුණු 140 ලබාගැනීමට හැකි ලකුණු සංඛාවක් කියලා. ඉනීමේ මැද පන්දුවාර වලදී අපට හොදින් ලකුණු ලබාගැනීමට නොහැකිවුණා. අපගේ පන්දු යවනන් ඉතාම හොදින් මෙමෙ තරගයේදී පන්දු යැවීම සිදුකළා. නමුත් පිතිකරුවන්ගේ දායකත්වය පිළිබඳව සෑහීමකට පත්වන්න බෑ. තරගයේ ජයග්‍රහණයේ ගෞරවය ලකුණු 53 කට කඩුලු 6 ක් බිදවැටුණු මොහොතේ ලකුණු 140 ක් දක්වා රැගෙන ගිය ස්කොට්ලන්ත පිතිකරුවන්ට හිමිවෙන්න ඕනී” යනුවෙන් මහමදුල්ලා සදහන් කර සිටියා.
එසේම තවදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ ලකුණු 140 ක් ලබාගැනීමට නොහැකිවීම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවත් ඊළග තරගය සදහා ධනාත්මකව මුහුණදිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here