එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 03.30ට චෙස්ටර්-ලේ-ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් කාණ්ඩය යටතේ පැවැත්වේ.

රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පෙර පැවැති එක්දින තරගවලින් ඔබ දැනගත යුතු රසවත් සටහන් කිහිපයක්.

(Photo by MI News/NurPhoto via Getty Images)

ක්‍රීඩාංගනයේ නම: රිවර්සයිඩ් ක්‍රීඩාංගණය

නගරය: චෙස්ටර්-ලෙ-ස්ට්‍රීට්

එක්දින තරග: 19

පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් විසින් දිනාගත් තරග: 7

දෙවන පිතිකරණ කණ්ඩායම් විසින් ජයග්‍රහණය කරන ලද තරග: 10

ප්‍රතිඵලයක් නොමැති තරග: 02

පිතිකරුවෙකු රුස් කළ වැඩිම ලකුණු: 126 – මහේල ජයවර්ධන

හොඳම පන්දු යැවීමේ ලකුණු: 5/28 – ග්‍රේම් ස්වෑන්

කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු: 338/6 – ශ්‍රී ලංකාව

කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු: 99 – එංගලන්තය

වැඩිම සාර්ථක ලකුණු හඹා යාම: 314/4 – එංගලන්තය

සාමාන්‍ය පිතිකරණ වේගය (පන්දුවාරයකට) : 5.24

පළමු පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව: 249

දෙවැනි ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව ; 189

රිවර්සයිඩ් පිටියේදී එක්දින තරගවලදී ජොනී බෙයාර්ස්ටෝගේ පිතිකරණ සාමාන්‍යය 134කි

ජොනී බෙයාර්ස්ටෝ මෙම ක්‍රීඩාංගණයේදී එක්දින ඉනිම තුනකදී ලකුණු 268ක් රැස් කර තිබේ.

ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී එක්දින ඉනිම දෙකකදී ලකුණු 94ක් රැස් කර ඇති අතර, ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 64කි.

එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් මෙම ක්‍රීඩාංගණයේදී එක්දින තරග තුනකදී කඩුලු 05ක් දවාගෙන තිබේ. මෙහි ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 29.60ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here