2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් සතුව රදවා ගත හැකි ක්‍රීඩකයන්ගෙන් නමාවලිය හා එක් එක් කණ්ඩායම් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ජනවාරි මස 20 වනදාට පෙර ලබාදිය යුතු පසුබිමක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීවී ස්මිත් තවදුරටත් රෝයල්ස් කණ්ඩායම සමගින් තබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කළමණකාරීත්වය අපේක්ෂා නොකරන බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන්කොට සිටී.
මේ පිළිබඳව තවමත් නිළ නිවේදනයක් නිකුත්කොට නොමැති නමුත් නායකයෙකු හා පිතිකරුවෙකු ලෙස ස්ටීවි ස්මිත් කැපීපෙණෙන දක්ශතාවයක් නොදැක්වීම මෙලෙස ඔහුව රදවා තබා නොගැනීමට හේතුවක්වී ඇත. 2020 වසරේ දී අවසන්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් ස්ථානය දිනාගත් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය හෙඹවූ ස්මිත් තරග 14 ම ක්‍රීඩා කරමින් ලකුණු 311 ක් රැස් කිරීමට සමත්විය.
ස්ටීවී ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් නිදහස් කළහොත් ඔහු වෙනුවට බොහෝ දුරට මීළඟ තරගවාරයේදී සංජු සැම්සන් කණ්ඩායම මෙහෙයවනු ඇති බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන් කර ඇත. පසුගිය තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන සංජු මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන සයිඩ් අලි මුෂ්ටාක් තරගාවලියේ කේරල ප්‍රාන්තයේ නායකයා ලෙස කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here